විධායක බලතල ඉවත් කිරීමට ශ්‍රී ල නි ප යේ කිසිම විරුද්ධත්වයක් නෑ
විධායක ජනාධිපති බලතල ඉවත් කිරීම පිළිබඳව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කිසිම විරුද්ධත්වයක් නොමැති බව විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.
විපක්ෂ නායකවරයා මෙසේ පවසා සිටියේ ජනාධිපති බලතල අඩු නොකළ යුතු බවටත්, මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමට අවශ්‍ය නොමැති බවටත් තමා විසින් කළේ යැයි පැවසෙන සාවද්‍ය ප්‍රවෘත්තියක් සතිඅන්ත පුවත්පත් කිහිපයක හා වෙබ් අඩවි ගණනාවක පළ වී ඇති බව අවධාරණය කරමිනි.
මෙවැනි ප්‍රකාශයක් තමන් විසින් නොකළ බවත් එම ප්‍රවෘත්තිය පදනම් විරහිත බවත් ප්‍රකාශ කරන විපක්ෂ නායකවරයා මේ පිළිබඳ තත්ත්වය පැහැදිලි කරදීම සඳහා පසුගිය 28 වැනිදා කොළඹ 7 පිහිටි විපක්ෂනායක නායක කාර්යාලයේ හදිසි මාධ්‍ය සාකච්ඡාවක් කැඳවා පක්ෂයේ ස්ථාවරත්වය පැහැදිලි කළ බවත් කියයි.
ශ්‍රීලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව මගින් පත්කරනලද ව්‍යවස්ථා සංශෝධන කමිටුවේ සභාපතිවරයා ලෙස තමාත්, අනුර ප්‍රියදර්ශන යාපා, සුසිල් ප්‍රේමජයන්ත,ජෝන් සෙනවිරත්න, ජී.එල්.පීරිස් යන මන්ත්‍රීවරුන් ඇතුළු සාමාජිකයින් පිරිසකින් සමන්විත කමිටුවක් මගින් ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරයන් ඉදිරිපත් කිරීම සඳහා කෙටුම්පතක් සකස් කළ බවද, එම කෙටුම්පත ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේ සාකඡාව සඳහා ඉදිරිපත් කරන ලද බවද හෙතෙම පෙන්වා දුන්නේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභිකයින් මෙම කෙටුම්පත පිළිබඳව සිය අදහස් ප්‍රකාශ කිරීමට කල් ඉල්ලා සිටි බැවින් ඒ සම්බන්ධව සතියක කාලසීමාවක් ලබාදුන් බවද, මධ්‍යම කාරක සභිකයන්ගේ අදහස්ද සැලකිල්ලට ගනිමින් අවසාන ප්‍රතිපත්ති ප්‍රකාශය සකස්කොට මධ්‍යම කාරක සභාවේ අනුමැතියට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවද පෙන්වා දුන්නේය. මෙම කෙටුම්පතේ විධායක ජනාධිපති ධුරයේ බලතල රැසක් අහෝසි කිරීම සඳහා කටයුතු කළයුතු යැයි යෝජනා කර ඇති බවත්, ඒ අතර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය, වරදකරුවන්ට සමාවදීමේ බලය, අමාත්‍යංශවලට ලේකම්වරු පත්කිරීමේ බලය වැනි විධායක ජනාධිපතිවරයා සතු බලතල ඉවත්කළ යුතු බවටත්, ධුර කාලය අවුරුදු 6 සිට 5 දක්වාත් අඩු කළ යුතු බවටත් යෝජනා කර ඇති බව විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.
තවද පක්ෂ මාරුකිරීම දැඩි ලෙස තහනම් කෙරෙන වගන්තියක් සංශෝධිත ව්‍යවස්ථාවට ඇතුළත් කළ යුතු බවටද එම යෝජනාවලියේ ඇත. එසේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරය වී ඇත්තේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමත් එහි බලතල අඩුකිරීම, මනාප ක්‍රමයෙන් තොර වූ ආසනයකට වගකියන මන්ත්‍රීවරෙයකු පත්වන මිශ්‍ර මැතිවරණ ක්‍රමයක් ස්ථාපිත කිරීම, එකවර සිදුකළ යුතු බවද, මෙම කරුණු දෙක වෙන්කොට ගත නොහැකි බව ව්‍යවස්ථා සංශෝධන කමිටුවේ ඒකමතික මතය බවද පෙන්වා දුන්නේය. එබැවින් ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අවසාන තීරණයක් ඉදිරියේදී ගන්නා බවත් විධායක බලතල ඉවත් කිරීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කිසිසේත් විරුද්ධ නොමැති බවත් වඩාත් යහපත් වන බලතල කප්පාදු කිරීමක් සමගම මනාප ක්‍රමයෙන් තොර වූ වඩාත් හොඳ මැතිවරණ ක්‍රමයක් ස්ථාපිත කිරීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරය බවත් විපක්ෂ නායකවරයා පැහැදිලි කර දුන්නේය .
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

