රුපියල් අසූ තුන්ලක්ෂයක් වටිනා රට සල්ලි තොගයක් තම යට ඇඳුම් තුළ සහ අත්බෑගයේ සඟවාගෙන ඉන්දියාවේ චෙන්නායි නුවර සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකික මවක (57), ඇගේ දියණිය (39) හා අසල්වැසි කාන්තාවක (64) කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගත්බව රේගු මාධ්‍ය ප්‍රකාශක ලෙස්ලි ගාමිණී මහතා පැවසුවේය.
සැකකාරියෝ කොළඹ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචිකාරියෝ වෙති. අත්අඩංගුවට ගත් විදේශීය මුදල් අතර ඇමෙරිකානු ඩොලර් පනස් නවදහස් පන්සීයක්, සෞදි රියාල් එක්දහස් හාරසිය පහක්, යුරෝ එක්දහස් දෙසියයක් සහ ස්ටර්ලින් පවුම් 345 ක් තිබූ බව රේගුව පවසයි.