විදේශ රටවල පුද්ගලයන් උතුරු පළාතේ සංචාරය කරනවා නම් ඒ සඳහා රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයෙන් අවසර ලබාගත යුතු බව හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසේකර මහතා පැවසීය.
උතුරේ සංචාරය කරන ඇතැම් විදේශිකයන් රාජ්‍ය ආරක්ෂාවට තර්ජනයක් වන අන්දමින් හැසිරෙන බවට තොරතුරු ලැබී ඇති බැවින් පූර්ව අනුමැතියකින් යුතුව උතුරේ සංචාරය කරන ලෙස විදේශිකයන්ට පැවසීමට තීරණය කළ බව හෙතෙම පැවසුවේ අද (15දා) ආරක්ෂක අමාත්‍යාංශ මාධ්‍ය කේන්ද්‍රයේ පැවැති මාධ්‍ය හමුවේදීය.