2016 වසරේ පළමු මාස 8 තුල විදේශ සේවා නියුක්ති කාර්යාංශය ඇමරිකන් ඩොලර් මිලියන 200ක වාර්තාගත ආදායමක් උපයා ඇති බව විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය සඳහන් කළාය. මීට ඉහතදී 2009 වසරේදීද මෙවැනිම ආදායමක් උපයා ඇති බවත් ඇය පැවැසුවාය.
2018 වසරේ සිට රැකියා සඳහා විදෙස් ගතවන අය සඳහා ඉංගි්රසි දැනුම අනිවාර්ය කිරීමට බලාපොරොත්තු වන බවත් ඒ සඳහා අවශ්‍ය ඉංගි්රසි පාඨමාලා කාර්යාංශය හරහා ආරම්භ කර ඇති බවද කියා ඇය පැවැසුවාය.