කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ පිටවීමේ පර්යන්තයේ ඇති විදේශ සේවා නියුක්ති කාර්යාංශ ශාඛාවේ වීදුරුව කඩා එයට අලාභ හානි සිදුකළ පුද්ගලයෙක් කටුනායක ගුවන්තොටුපොළ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊයේ (18දා) කටුනායකින්, ඩුබායි බලා යාමට පැමිණි පුද්ගයෙකු විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වීමේදී ඇතිවූ ගැටුලුකාරී තත්ත්වයක් දුරදිග යාමෙන් ඔහු එම ඒකකයට හානි සිදුකර තිබේ.
සැකකරු අදාළ අවස්ථාවේදී බීමත්ව සිටි බව පොලීසිය පවසන අතර අත්අඩංගුවට ගැනීමෙන් පසුව ඔහු මීගමුව රෝහලට ඇතුළත් කර තිබෙනවා.