රාජ්‍ය තාන්ත්‍රිකයෙකුට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු විසින් පහරදී ඇත්තේ නිදහස් ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට බවත්, එම පහරදීමෙන් රටක් ලෙස ශ්‍රී ලංකාව පසුවන ඛේදනීය තත්ත්වය පිළිබිඹු කරන බවත් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කරු ජයසූරිය මහතා කියයි.
බ්‍රිතාන්‍යයේ හිටපු ශ්‍රී ලංකා මහ කොමසාරිස් වෛද්‍ය ක්‍රිස් නෝනිස් මහතාට, මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන මන්ත්‍රීවරයා විසින් සිදුකරන ලද පහරදීම පිළිබඳව අදහස් දක්වමින් හෙතෙම මේ බව ප්‍රකාශ කළේය.
මේ වනවිට මෙරට විදේශ දූත සේවාව තුළ බරපතළ කඩාවැටීමක් පෙන්වන බවත්, මහකොමසාරිස් හා තානාපති කාර්යල 49 න් 35කටම දේශපාලන පත්වීම් ලබා දී තිබෙන බවත් හෙතෙම කියයි.
මහ කොමසාරිවරයෙකු ලෙස ක්‍රිස් නෝනිස් මහතාගේ ඇතැම් කාර්යයන් සම්බන්ධයෙන් විවේචන තිබුණද, රාජ්‍ය තාන්ත්‍රිකයෙකු ලෙස ඔහු ශ්‍රී ලංකාව වෙනුවෙන් යමක් කිරීමට උත්සාහ කළ පුද්ගලයෙකු බවද කරු ජයසූරිය මහතා කියයි.