ශ්‍රී ලංකා විදුහල්පති සේවා නව ව්‍යවස්ථාව ක්‍රියාත්මකවීමත් සමග පැරණි ව්‍යවස්ථාව යටතේ පැවැත් 1 පන්තිය, 2-1 ශ්‍රේණිය, 2-11 ශ්‍රේණිය හා 3 පන්තිය යන සේවා ගණ 04 වෙනුවට ශ්‍රී ලංකා විදුහල්පති සේවය 1, 2 හා 3 පන්ති වශයෙන් සේවා ගණ 03 ක් යටතේ ක්‍රියාත්මක වේ. ඒ අනුව නව සේවා ව්‍යවස්ථාවේ අදාළ සේවා ගණ සඳහා ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ නිලධාරීන් 11670 ක් මේ වනවිට අන්තර්ග්‍රහණය කර අවසන් බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
එමෙන්ම නව සේවා ව්‍යවස්ථාව යටතේ ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ 1 පන්තියට උසස්වීමට සුදුසුකම්ලත් 1626 දෙනෙකු ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ 1 පන්තියට උසස් කිරීම් සිදුකර ස්ථානගත කර ඇත.