කොළඹ නාගරික සීමාව හැර දිවයිනේ සෙසු ප්රදේශවලට විදුලිය කපා හරිනබව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්යංශය නිවේදනය. ඒ අනුව පෙරවරු 8 සිට සවස හය දක්වා කාලය තුළ පැය දෙක හමාරක කාලයක් විදුලිය කපා හරිනු ලැබේ. එමෙන්ම රාත්රී අටේ සිට රාත්රී දහය දක්වා අතර ද පැයක කාලයක් විදුලිය කපා හැරීමට නියමිතයි. කලාප හතරකට බෙදා විදුලිය අත්හිටුවීම සිදු කරන බවද දිවයිනේ ප්රධාන රෝහල් හා කර්මාන්ත කලාප ආශ්රිතව විදුලිය කපා හැරීමක් සිදු නොකරන බවද අමාත්යංශය නිවේදනය කළේය.