රටට අවශ්‍ය වන්නේමෙගාවොට් 2400 ක විදුලි ප්‍රමාණයක් වුවද, මෙගාවොට් 3900 ක විදුලිබල නිෂ්පාදන ධාරිතාවක් ශ්‍රීලංකාවට තිබෙන බවත්, එසේ තිබියදීත් විදුලිය කප්පාදු කිරීමට හේතුවෙන් මන්දැයි යන්න තමාටද ගැටලුවක් බවත් විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.
විදුලි බලය කළමනාකරණය කිරීම වැදගත් බවත්, විදුලි අර්බුදය ජයගැනීමේ කෙටිකාලීන විසඳුමක් ලෙස රාජ්‍ය අංශයේ බලශක්ති කළමනාකරණය වෙනුවෙන් බලශක්ති කළමනාකරුවන් 250දෙනෙකු පත්කරන බවත් ඔහු කීය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (05දා) වෝටර්ස් එජ් හෝටලයේ පැවැති සෑම ආයතනයක් සඳහාම බලශක්ති කළමනාකරුවන් පත්කිරීමේ වැඩසටහනට සහභාගි වෙමිනි.