ඉන්ධන ගන්නා අය නිසි ලෙස ගෙවනවා නම් ඛනිජ තෙල් සංස්ථාවට පාඩු වෙන්නේ නෑ
ලංකා විදුලිබල මණ්ඩලයෙන් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට රුපියල් බිලියන 21.2 ක ණය මුදලක් ලැබෙන්නට තිබෙන බවත්, ඉන්ධන ලබාගන්නා අය නිසිපරිදි ගෙවීම් කරනවා නම් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට පාඩු විඳීමට සිදුනොවන බවත් ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍ය අනුර ප්‍රියදර්ශන මහතා ඊයේ (21දා) පැවති ප්රවෘත්ති සාකච්ජාවකදී පැවසීය.