විදුලිබල මණ්ඩල සේවකයන්ට ඇතිවී තිබෙන වැටුප් විෂමතාවන් මේ වසරේ අගෝස්තු මාසය වනවිට අවසන් කරන බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් කළේය
පසුගිය ආණ්ඩුවේ අවසානයේදී සිදුකළ වැටුප් වැඩිවීමක් හේතුවෙන් පහළ ශ්‍රේණිවල පිරිස්වලට වැටුප් විෂමතාවක් ඇතිවී තිබෙන බවද අද (15දා) පැවති මාධ්‍ය සාකච්ඡාවකදී හෙතෙම සඳහන් කළේය.
එය පදනම කරගෙන අද (15දා) පැය 24ක වැඩ වර්ජනයක් සිදුකිරීමට සේවකයන් කටයුතු කර තිබෙන බවද අමාත්‍යවරයා පවසා සිටියේය.