මහරගම පොලිස් වසමේ පමුණුව පාර පිහිටි ඇගලුම් කර්මාන්ත ශාලාවක විදුලි සෝපානය මගින් ඉහල මාහලයට රෙදි රැගෙන යන අවස්ථාවේදි එම විදුලි සෝපානයේ කම්බිය කඩා වැටි එහි තුල සිටි පුද්ගලයෙකු එයට හිරවි බරපතල තත්වයේ සිටියදී ඊයේ(15) ජයවර්ධනපුර රෝහලට ඇතුලත් කිරිමේදි මියගිය බව පොලිස් මාධය ප්රකාශක කාර්යාලය පැවසීය. මියගිය පුද්ගලයා වයස අවුරුදු 32 ක්වු මාලිගාව පෙදෙස” බොරලැස්ගමුව ලිපිනයේ පදිංචි විචිත කුමාර යන බවත්’ මල සිරුර ජයවර්ධනපුර රෝහල් මෘත ශරීරාගාරයේ මේවනවිට තබා ඇති අතර පශ්චාත් මරණ පරික්ෂණය අද(16දා) සිදුකිරිමට නියමිත බවත් පොලිස් මාධය ප්රකාශක කාර්යාලය සදහන් කළේය. මහරගම පොලිසිය මේපිළිබඳ වැඩිදුර විමර්ශන පවත්වයි.