විදුලි සැපයුමේ දෝෂ හේතුවෙන් විදුලි උපකරණවලට සිදුවන හානි සඳහා වන්දි ගෙවීමේ ක්‍රමයක් ක්‍රියාවට නැංවීමටනව රෙගුලාසියක් පැනවීමට විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය සූදානම් වේ. ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව මගින් කළ නිර්දේශයක් මත අමාත්‍යාංශය මෙම පියවර ගෙන ඇති අතර, මේ සඳහා පාර්ලිමේන්තු අනුමැතියද හිමිව තිබේ.
යෝජිත රෙගුලාසිය ක්‍රියාත්මක කිරීමෙන් අනතුරුව වෝල්ටීයතාවය වෙනස්වීම සහ විදුලි ධාරාවේ දෝෂ හේතුවෙන් පාරිභෝගිකයන්ගේ විදුලි උපකරණවලට හානි සිදුවුවහොත් ඒ සඳහා වන්දි ගෙවීමට ලංකා විදුලි බල මණ්ඩලයට සිදු වේ. එසේ ගෙවන වන්දි ප්‍රමාණය හා වන්දි ගෙවීම ආරම්භ වන දිනය තීරණය කිරීමේ වගකීම ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව වෙත පවරා ඇතැයි අමාත්‍යංශ ආරංචි මාර්ග සදහන් කළේය.