අඛණ්ඩ වැඩ වර්ජනයක නිරත ලංවිම වෘත්තීය සමිති නියෝජතයන් 10 දෙනෙකු හා කම්කරු වෘත්තීය සබඳතා හා සබරගමුව සංවර්ධන අමාත්‍ය ඩබ්.ඩී.ජේ. සෙනෙවිරත්න මහතා අතර විශේෂ සාකච්ඡාවක් අද (20දා) පැවැත්වීමට නියමිතය. පස්වරු 12.30ට කම්කරු අමාත්‍යාංශයේදී මෙම සාකච්ඡාව පැවැත්විමට නියමිත අතර මෙහිදී ඔවුන්ගේ වැටුප් ගැටලුව පිළිබඳව විසඳුමක් ලැබෙන ඇති බවත් වාර්තා වෙයි.