වවුනියාව පාවක්කුලම, සූඩුවෙන්දපිලව් වැව ආසන්නයේ වනසතුන් වෙනුවෙන් අටවා තිබූ විදුලි රැහනක පැටළීමෙන් ජීවිතක්ෂයට පත්ව සිටි පියපුතු දෙපළකගේ සිරුරු අද (16දා) උදෑසන සොයාගත් බව වවුනියාව පෙරියඋළුක්කුලම පොලීසිය පවසයි.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වවුනියාව සූඩුවෙන්දපිලව් ප්රදේශයේ පදිංචිව සිටි එස්. මුස්තාපා (අවු.48) හා ඔහුගේ පුත්රයා වන එම්. සයාස් (අවු.15) නමැත්තන්ය.
සූඩවෙන්දපිලව් වැව ආසන්නයේ කිසියම් පුද්ගලයෙකු විසින් වනසතුන් මැරීමට අදාළ විදුලි රැහැන් යොදා ඇති අතර, අද (16දා) අලුයම එම ස්ථානයෙන් ගමන්ගත් මරණකරුවන් මෙම විදුලි රැහැනේ පැටළී ඇතැයි අනාවරණය වී තිබේ.
කෙසේ වෙතත් අදාළ විදුලි රැහැන් යොදා ඇති පුද්ගලයන් කවුරුන්ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති අතර, සැකකරුවන් අත්අඩංගුවට ගැනීමටද පෙරියඋළුක්කුලම් පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.