විවිධ පාර්ශ්ව ජනතාව බිය වැද්දීම සඳහා විවිධ ප්‍රකාශ කරන බවත්, ලංකා විදුලි බල මණ්ඩලය මෙන්ම ලෙකෝ ආයතනය ශක්තිමත් මූල්‍ය ස්ථාවරයක සිටින හෙයින් විදුලි බිල නැංවීමේ කිසිඳු පියවරක් ගෙන නැති බවත් විදුලි බල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවැසීය.
රාජගිරිය ජනාධිපති විද්‍යාලයේ පැවති මහජන උපයෝගීතා කොමිසම මගින් සංවිධානය කරන ලද විදුලි ආරක්ෂක දැනුවත් කිරීමේ වැඩ සටහනකට අද (12දා) එක්වෙමින් ඔහු මෙම අදහස් දැක්වීය.
"මේ රටේ දැවෙන ප්‍රශ්නයක් වෙලා තිබුණ සැමට විදුලිය යන්න දැන් විසඳිලා. ඊළඟ ගැටළුව තමයි කප්පාදුවකින් තොරව විසිහතර පැයම විදුලිය ලබාදිම. ඒ අභියෝගයත් අපි ජයගත්තා. මේ කලාපයේ කප්පාදුවකින් තොරව පැය 24ම විදුලිය සපයන එකම රට බවට ශ්‍රී ලංකාව පත්වෙලා තියෙනවා. හැබැයි විදුලිබල ක්ෂේත්රයේ සුරක්ෂතතාවය ඇති කරගන්නනම්, විදුලිය ඉතිරි කරන්නත්, වැඩිවන විදුලිබල ඉල්ලුම සපුරාලියහැකි පරිදි විදුලිබල පද්ධතිය ශක්තිමත් කරන්නත් අවශ්‍යයි" යනුවෙන්ද ඔහු පැවැසීය.