නොරොච්චෝලේ ලක්විජය බලාගාරයේ ටර්බයින් යන්ත්‍ර තුනම බිදවැටිමකට ලක්ව ඇති හෙයින් ඒවා නැවත පණගන්වන තුරු ඉදිරි රටට අවශ්‍ය විදුලි ප්‍රමාණයෙන් 1/6 ක අඩුවක් කළමනාකාරණය කරගත යුතු වන විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය බව රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.
විදුලි කප්පාදු කිරීමක් පිළිබඳ තීරණයක් ගතහොත් එය හෙට දිනයේදී දැනුම්දෙන බවද අමාත්‍යවරයා පැවසීය. නොරොච්චෝල බලාගාරයේ ඇතිවූ හදිසි ආපදා තත්ත්වය පිළිබදව අද 16පෙරවරුවේ බලාගාර පරිශ්‍රයේ පැවති නිරීක්ෂණ චාරිකාවකට සහභාගි වෙමිනි.
මම කර්මාන්ත හිමියන්ගෙන් ඉල්ලා සිටිනවා ඔවුන්ගේ විදුලි ජනන යන්ත්‍ර ක්‍රියාත්මක කරලා විදුලිය නිපදවාගෙන මේ ඇතිවී තිබෙන ආපදා තත්ත්වය කළමනාකරණය කරගන්න උපකාර වෙන්න කියලා. ඒ වගේම අපේ විදුලි පාරිභෝගිකයන්ගෙන් මම ඉල්ලා සිටිනවා මේ ඇතිවූ තත්ත්වය මත විදුලිය කප්පාදුවකින් තොරව පවත්වාගෙන යාම සදහා විදුලිය ඉතාමත් අරපිරිමැස්මෙන් පාවිච්චි කරන්න කියලා. යම් හෙයකින් විදුලි කප්පාදුවක් කිරීමට සිදුවුවහොත් ඒ පිළිබදව අපි හෙට දිනයේදි පාරිභෝගික ජනතාවට දැනුම් දීමට බලාපොරොත්තු වෙනවා යැයි පැවසීය.