2016 වසර අවසන් වනවිට ශ්‍රී ලංකාව විදුලියෙන් 100%ක් ආවරණිත කර ඇති බවත්, ඒ අනුව ‘රටම එළියයි අඳුර දුරලයි’ ජාතික සත්කාරය එළඹෙන දෙසැම්බර් 31 වැනිදායින් අවසන් බවත් විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය පවසයි.
රටම එළියයි අඳුර දුරලයි සමාජ සත්කාරක වැඩසටහන පිළිබඳ අද (08දා) විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේ පැවැති ප්‍රගති සමාලෝචන රැස්වීමකදී අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා මේ බවහෙළි කළේය.
රටම එළියයි අඳුර දුරලයි ව්‍යාපෘතිය ආරම්භ වනවිට රටේ විදුලිය නැති නිවාස 260,993 ක් තිබුණු බවත්, එයින් 224,828 ක් සඳහා විදුලිය ලබාදීමට හැකිවූ බවත් අමාත්‍යවරයා පැවසීය.
විදුලි සැපයුම ලබාදිය නොහැකිම නිවාස 19,241 ක් තිබෙන බවත්, එම ගැටලු පිළිබඳ අවධානය යොමුකරමින් විසඳුම් සොයන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.