ශ්‍රී ලාංකිකයන්ට ජාත්‍යන්තර මට්ටමේ විද්‍යුත් ජාතික හැඳුනුම්පතක් නිකුත් කිරීමේ කාර්යය දිනෙන් දිනම කල් යන බවට %අද^ පුවත්පතට වාර්තා වේ.
විද්‍යුත් ජාතික හැඳුනුම්පතක් ලබාදීමට 2008 වසරේ සිට සැලසුම් කළද, එම හැඳුනුම්පත සකස් කිරීමට අවශ්‍ය ඇඟිලි සලකුණු ලබාගැනීමට අදාළ නීති කෙටුම්පත මෙතෙක් පාර්ලිමේන්තුවෙන් සම්මත වී නොමැති වීම මේ සඳහා මූලික හේතුවක් වී තිබේ.
මේ නිසා 2008 වසරේ සිට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කළ විද්‍යුත් හැඳුනුම්පත ලබාදීමේ වැඩපිළිවෙළ දිනෙන් දිනම කල්ගත වෙමින් තිබේ.
විද්‍යුත් හැඳුනුම්පත සකස් කිරීමේදී ඒ සඳහා ඇඟිලි සලකුණු ඇතුළත් කිරීමට තීරණය වී තිබුණද, රට තුළ පවතින නීතිරීතිවලට අනුව ඒ සඳහා අදාළ පුද්ගලයාගෙන් අවසර ගත යුතුය.
එහෙත් එයට අදාළ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමේදී විවිධ බාධා ඇතිවන හෙයින් එය වළක්වාගැනීම සඳහා ඊට අදාළ නීති කෙටුම්පතක් 2012 වසරේදී කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබේ. කැබිනට් මණ්ඩලයට ඉදිරිපත්කළ එම කෙටුම්පතට පාර්ලිමේන්තුවේ අනුමැතිය අවශ්‍ය වුවද, මෙතෙක් එම අනුමැතිය ලැබී නැතැයි සඳහන් වේ.
මේ නිසා විද්‍යුත් හැඳුනුම්පත සකස් කිරීමට යොදවා සිටින නිලධාරීන්ට එම හැඳුනුම්පත නිකුත් කිරීමට නොහැකි වී තිබෙන අතර, මේ නිසා පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවට දැඩි චෝදනාවලට ලක්වීමටද සිදුවී තිබේ.