විද්‍යාගේ දූෂණ සිද්ධියට අදාළ ඡායාරූප සමාජ මාධ්‍ය හරහා නින්දිත ලෙස පළකිරීම නැවැත්විය යුතු බව සුරක්ෂිත ශ්‍රී ලංකාවක් සඳහා පුරවැසියෝ සංවිධානයේ කැඳවුම්කරු විශාඛා තිලකරත්න මහත්මිය පැවසුවාය.
එම සංවිධානය සහ ශ්‍රී ලංකා බාලදක්ෂිකා සංගමය විසින් සංවිධානය කරන ලද මාධ්‍ය හමුවකදී ඇය මේ බව පැවසුවාය.
කාන්තා හා ළමා දූෂණ සිදුවීම් සම්බන්ධයෙන් යුක්තිය පසඳලීමේ ක්‍රියාවලිය වඩාත් කාර්යක්ෂම කිරීමට රජය හා නීතිය මගින් පියවර ගත යුතු ඇය සඳහන් කළාය.
විද්‍යාගේ සිදුවීම සම්බන්ධයෙන් නඩු කටයුතු ආරම්භ වන ජූනි පළමු වැනිදා කොළඹ බාලදක්ෂිකා මූලස්ථානය ඉදිරිපිට ඉටිපන්දම් දහසක් දැල්වීමේ වැඩසටහනක්ද සංවිධානය කර ඇති බවද මෙහිදී ඇය පවසා සිටියාය.