'සමාජ මෙහෙවර උදෙසා විද්‍යා හා තාක්ෂණය' සම්මන්ත්‍රණයේ සමාරම්භක උත්සවය අද (07දා) නෙළුම් පොකුණේදී පැවැත්වෙන බව විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය පවසයි.
විද්‍යා හා තාක්ෂණයේ වැදගත්කම ප්රබලව කියාදෙන ලංකාවේ ප්‍රථම සම්මන්ත්‍රණය මෙය වන බවත්, විද්‍යා හා තාක්ෂණ නාවෝත්පාදන සම්බන්ධීකරණ කාර්යාල අධ්යක්ෂ අජිත් ඩී.අල්විස් මහතා ඊයේ (06දා) ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවැති මාධ්‍ය සාකච්ඡාවක් අමතමින් පැවසීය. අමාත්‍යාංශ නිලධාරීහු ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.