යාපනය, පුන්කුඩුතිව්හි විද්‍යා ඝාතන සැකකරුවන් නවදෙනා යළිත් එළඹෙන 26 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස යාපනය, කයිට්ස් මහේස්ත්‍රාත් එස්. ලෙනින්කුමාර් මහතා අද (13දා) නියෝග කළේය.
අදාළ සැකකරුවන්ගෙන් ලබාගත් රුධිර සාම්පල වැඩිදුර පරීක්ෂාවට යොමුකොට ඇති අතර, එම වාර්තා පිළිබඳ පරීක්ෂණ පවත්වන බැවින් අදාළ පිරිස නැවත රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
පසුගිය මැයි මාසයේදී යාපනය, කයිට්ස්, පුන්කුඩුතිව් ප්‍රදේශයේදී ශිවලෝගනාදන් විද්‍යා නමැති 18 හැවිරිදි පාසල් දැරිය පාසල් නිල ඇඳුමින් සිටියදී මරා දමා තිබිණි.
නඩු වාරය වෙනුවෙන් විද්‍යා දැරියගේ මවද පැමිණ සිටි අයුරු දක්නට ලැබිණි. සිද්ධියට අදාළ වැඩිදුර පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා කයිට්ස් පොලීසිය විසින් සිදු කරනු ලබයි.