විජයදාස රාජපක්ෂ මහතා අධිකරණයේ අමාත්‍යධුර දරන කාලයේදී අපක්ෂපාතීව කටයුතු කළ බවට සඳහන් කළත් රාජපක්ෂවරුන් හා ඔහු සම්බන්ධ කටයුතුවලදී පක්ෂපාතීව කටයුතු කළ බව වමේ කේන්ද්‍රය සඳහන් කරයි.
ඔහු අපක්ෂපාතීව කටයුතු කළා නම් ඊයේ (23දා) දිනයේදී ඇවන්ගාඩ් සිද්ධිය පිළිබඳව මාධ්‍යවේදීන් විමසන විට එය මගහැර යාමට අවශ්‍යතාවයක් නොමැති බවද සංවිධානයේ සමකැඳවුම්කරු චමීර පෙරේරා මහතා සඳහන් කළේය.
ඇවන්ගාඩ් සිද්ධියට නඩු පැවරීමට නිමිත්තක් තිබෙන බවට හිටපු නීතිපතිවරයා පෙන්වාදී තිබියදීත් එවැනි දෙයක් නොමැති බවට විජයදාස රාජපක්ෂ මහතා අමාත්‍යධුරය දරන කාලයේදී ප්‍රකාශ කළ බවද ඒ මහතා පවසා සිටියේය.
නිවැරදිව සොයාගෙන ගියා නම් ඇවන්ගාඩ් සහ විජයදාස රාජපක්ෂ මහතා අතර තිබූ සම්බන්ධය සොයා ගැනීමට හැකියාව තිබෙන බවද අද (24දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී හෙතෙම සඳහන් කළේය.
මීට අමතරව පසුගිය ආණ්ඩුව සිදුකළ දූෂණ වංචා පිළිබඳව සොයාබලා නීතිය ක්‍රියාත්මක කිරීමට හැකියාව තිබුණද පසුගිය කාලයේදී එවැනි දේවල් සිදුනොවූ බවද චමීර පෙරේරා මහතා පවසා සිටියේය.