සංහිඳියාව ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් විග්නේෂ්වරන් මහ ඇමතිවරයා තම අමාත්‍යාංශය ආදර්ශයට ගත යුතු යැයි මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය.
බත්තරමුල්ල, සෙත්සිරිපායේදී අද (22 දා) දහවල් පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
“ප්රජාතන්ත්ර විරෝධීව කටයුතු කරන පිරිස් සම්බන්ධයෙන් ලිහිල් ප්‍රතිපත්ති අනුගමනය කළ යුතු නෑ රටක් විදියට. ශිෂ්‍ය සංගමයක් නිවේදනයක් නිකුත් කරලා තියෙනවා උතුරේ සැමරුම් කරන්නේ ඒ ගොල්ලෝ විතරයි කියලා. අනෙක් අයට තහනම්. මේවා ප්රජාතන්ත්ර විරෝධී වැඩ. මේවා තමයි ප්රභාකරන්ගේ අංකුර බවට පත් වෙන්නේ. මේවා තමයි අනාගතයේ ඊළඟ බලහත්කාරයට ගමන් කරන්නේ.
යුරෝපයේ තිබුණු පැරණිතම ත්‍රස්තවාදී ව්‍යාපාරයක් ETA ත්‍රස්තවාදය. 1959 ඉඳන් සටන් කරන්නේ. මේ පසුගිය මැයි 04 වැනිදා ‘බාස්’ ව්‍යාපාරය විසුරුවා හැරියා. විසිරුවා හැරලා ප්රජාතන්ත්රවාදී ප්රවාහයට එකතු වුණා. ඊට අදාළ පුවත්පත් සාකච්ඡාවේදී මොකක්ද ඒ අය කිව්වේ. 59 ඉඳලා අපේ අතින් 800ක් ඝාතනය වුණා. ඒ සෑම පවුලක් වෙනුවෙන්ම අපිට සමාවෙන්න. අපිටත් ප්රජාතන්ත්රවාදයට ඇවිල්ලා දේශපාලනය කරන්න ඉඩ දෙන්න කිව්වා. මම අහන්නේ ලංකාවේ දහස් ගණන් ඝාතනය කළ ඔය එකෙක්වත් සමාවෙන්න කියන අකුරු 4 කියලා තියෙනවාද? එතැනයි මේ රටේ ප්රශ්නය තියෙන්නේ. නිහතමානීකමක් නෑ” යැයි පැවසීය.