උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් මහතා වහාම අත්අඩංගුවට ගන්නා ලෙසට ආණ්ඩුවට බල කරමින් පිවිතුරු හෙළ උරුම සාමාජිකයෝ අද (05දා) පස්වරුවේ කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිටදී විරෝධතාවක නිරත වූහ.
විරෝධතාවට එක්වෙමින් පිවිතුරු හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කර සිටියේ, මේ සම්බන්ධයෙන් පොලිස්පතිවරයා වෙතද ලිපියක් මගින් අද දන්වා සිටි බවයි. පිවිතුරු හෙළ උරුමයේ සාමාජිකයෝ රැසක් මෙම විරෝධතාව සඳහා එක්ව සිටියහ.
නිදර්ශනී වික්‍රමසිංහ/ඡායාරූප - ඒශාන් ප්‍රනාන්දු