දෙමළ ජනතාවගේ ප්‍රශ්න ගැන සැබෑම උවමනාවක් ඇති නම් විග්නේෂ්වරන් කළ යුත්තේ ආණ්ඩුව සමග සාකච්ඡා කිරීම මිස මෙවැනි වැඩසටහන් මගින් ජාතික සමගියට බාධා කිරීම නොවන බව එජාප පා.ම මුජිබර් රහ්මාන් මහතා පැවසීය.
ප්‍රභාකරන්ගෙන් හිස් වූ තැන විග්නේෂ්වරන් ගැනීමට හදනවාදැයි සැකයක් මතුවන බව හෙතෙම පැවසූයේ සිරිකොත මුලස්ථානයේදී අද පැවැති මාධ්‍ය හමුවකදීය.
දෙමළ ජනතාව යළිත් යුද්ධයකට යාමට කිසිසේත් කැමැත්තක් දක්වන්නේ නැති බවද, උතුරු - නැගෙනහිර යළි ඒකාබද්ධ කළ නොහැකි බවද ඔහු අවධාරණය කළේය.