උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේස්වරන් මහතා දෙමළ ජාතික සන්ධානයට හිතවාදි දෙමළ ජනතාව අතරමං කරමින් සිටින බව දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්තී‍්‍ර එම්. ඒ. සුමන්තිරන් මහතා පැවසීය.
යාපනයේ සුනාමි සැමරුම් අවස්ථාවකට සහභාගී වීම සඳහා ගිය මන්ත්‍රීවරයා මේ බව පැවැසුවේය. .
දෙමළ ජාතික සන්ධානය නොසළකා කටයුතු කරන්නේ නම් අදාළ දෙමළ දේශපාලඥයින් කෙරෙහි දෙමළ ජනතාව ඉදිරියේදි සුදුසු තීරණයක් ගනු ඇති බවද හෙතෙම පැවැසීය.