පසුගිය වසර 7ක 8ක පමණ කාලයක් මේ රටට වැඩිම ආදායම ලැබෙන්නේ විගමනික ශ්‍රමිකයන් උපයන වැටුප් මගින් බවත්, එම නිසා ඔවුන් හා ඔවුන්ගේ පවුලේ ඥාතීන් සම්බන්ධ පූර්ණ වගකීම රජය සතු වන බව විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය ප්‍රකාශ කළාය.
අම්පාර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී ඊයේ (20දා) පැවති ශ්‍රමික සුරැකුම ජංගම සේවා වැඩසටහනේදී අදහස් දක්වමින් අමාත්‍යවරිය මේ අදහස් පළ කර සිටියාය
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරිය,
“පහුගිය අවුරුදු 7ක 8ක කාලය ඉඳන් මේ රට දුවන්නේ පිටරටවල සේවය කරලා බිලියන 7ක ආදායමක් ලබන ශ්‍රමිකයන්ගේ මුදල් වලින්. එතකොට රජයක් හැටියට අපිට වගකීමක් තියෙනවා ඔබ මුහුණ දෙන ගැටලුවලටත්, ඔබගේ දරුවන්ගේ ඉගෙනීම් කටයුතු පිළිබඳවත්, ඔවුන්ගේ සුභසාධනය හා මානසික මට්ටම මේ හැම දෙයක් ගැනම සොයා බලන්න.
ඔබ එවන මුදල් මෙහේ හරියට වියදම් කරනවද කියලා බලන්න. අපිට සමහර කාන්තාවෝ කියනවා ගෙදරට මුදල් අරිනවා කිසිම දෙයක් වෙන්නේ නෑ. ගෙදරවත් හදාගන්නේ නෑ කියලා. අම්මා නෑ ඒක නිසා පාසල් යන්න අපි කැමති නෑ කියලා ළමයි පාසල් යන එක අත ඇරලා තියෙනවා. මේවා තමයි අපි මේ ශ්‍රමික සුරැකුම වැඩසටහන කි‍්‍රයාත්මක කරන්නේ. වරප්‍රසාදයක් හැටියට ජනපතිවරයාගේ පොරොන්දුවකට අනුව මේ වසර අවසානයේ විගමනික ශ්‍රමිකයන්ගේ විශ්‍රාම වැටුප කි‍්‍රයාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. එහි හිමිකම් ලැබෙන්නේ මේකේ ලියාපදිංචි වෙන අයට පමණයි.
වත්මන් මුදල් ඇමතිවරයා අපිට යෝජනා කර තියෙනවා තීරු බදු සම්බන්ධයෙන්. තාම මේවා පොරොන්දු එහෙම නෙවෙයි. නැත්නම් කියයි මැතිවරණයක් ළඟ තියාගෙන තීරු බදු අඩුකරනවා කියලා. මේක එහෙම දෙයක් නෙවෙයි. පිටරටවල සේවය කරලා එන අය රැගෙන එන බඩුවලට මෙහේ බදුවල යම් කිසි වෙනසක් ඇතිකරන්න අපි බලාපොරොත්තු වෙනවා.” යනුවෙන් සඳහන් කර සිටියාය.
ඛනිජ තෙල් සම්පත් නියෝජ්‍ය අමාත්‍ය අනෝමා ගමගේ මහත්මිය, කාර්යාංශයේ කි‍්‍රයාකාරී අධ්යක්ෂ උපුල් දේශපි‍්‍රය මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.