ජාතික විගණන පනත සම්මත කිරීමට ප්‍රමාදවීම ගැන තමන් කනගාටුවට පත්වන බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
මේ පිළිබඳව තමන් කැබිනට් මණ්ඩලයේද සාකච්ඡා කළ බවත් ඉක්මනින්ම විගණන පනත ගෙන එන බවත් ඔහු පැවැසීය.
ජනපතිවරයා මේ බව ප්‍රකාශ කර සිටියේ පුවත්පත් කතුවරුන් හා මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමග අද (30දා) පැවැති සාකච්ඡාවේදීය.
“විගණන පනත 2017 ජනවාරි මාසයේ ගෙනෙනවා කියා මම දෙසැම්බර් මාසයේදී කිව්වා. මාස 8ක් ගතවෙලා සම්මත කිරීමට නොහැකිවීම ගැන කනගාටුවෙනවා. මේ ගැන අපි කැබිනට් මණ්ඩලයේදීත් සාකච්ඡා කරනවා. ඉක්මනින් පනත එයි.
මම පනත ගැන උනන්දුවෙන් ඉන්නවා. විගනන කොමිෂන් සභාව තිබුණට පනත නැතිවීම ගැටලුවක්. ප්‍රමාදය සිදුවීම ආයතනික වශයෙන් තිබෙන ගැටලු නිසා වෙන්න පුළුවන්.”