රජයේ විගණකාධිපති ගාමිණි විජේසිංහ මහතා රටේ ණය පිළිබඳ සිදුකර ඇති ප්‍රකාශය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා නිහඬව සිටීම ගැටලුවක් බව ජනතා මාධ්‍ය මධ්‍යස්ථානය පවසයි.
නිදහස් හා මැතිවරණයක් පැවැත්වීමට සමාජයෙන් ඉල්ලීම් කරන මැතිවරණ කොමිසමේ සභාපතිවරයා මෙම ප්‍රකාශය පිළිබඳ සිය ස්ථාවරය පැහැදිලි කළ යුතු බවද එම සංවිධානය පෙන්වා දෙයි.
විගණකාධිපතිවරයා ලෙසත්, වෘත්තීය විගණකවරයෙකු ලෙසත් ගාමිණි විජේසිංහ මහතා විසින් සදාචාර විරෝධී, අයුතු ප්‍රකාශයක් සිදුකර තිබෙන බවත්, ඔහු අතින් වෘත්තීය ආචාරධර්ම උල්ලංඝනය වී තිබෙන බැවින් තවදුරටත් රජයේ විගණකාධිපති වැනි උත්තරීතර තනතුරක් හෙබවීමට සුදුසු නොවන බවත් ජනතා මාධ්‍ය මධ්‍යස්ථානයේ කැඳවුම්කරු උදයශ්‍රී කාරියවසම් මහතා ප්‍රකාශ කරයි.