ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර නිකතුවට අදාළව විගණකාධිපති විසින් සකස්කළ වාර්තාවේ රහස්‍යභාවය රකින බවත් ඒ පිළිබඳව නීතිපති, විගණකාධිපති හා නව මහ බැංකු අධිපතිවරයා හා සාකච්ඡා පවත්වන බවත් කතානායක කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තුවේදී පැවැදසීය.
එසේම එම වාර්තාව පිළිබඳව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සභාපතිවරයා කැඳවා සාකච්ඡා කළ බවද කතානායකවරයා පාර්ලිමේන්තුවේදී පැවැදීය.වැඩිදුරටත් අදහස් දැක්වූ කතානායකවරයා,
"මෑතකදී සිදු වූ ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර නිකුතුව පිළිබඳව විගණකාධිපතිවරයා විසින් මා වෙත ලබා දෙන ලද සවිස්තර හා සංක්ෂිප්ත වාර්තා සම්බන්ධයෙන් ඉදිරි කටයුතු සිදුකිරීම පිළිබඳවත්, එහි රහස්‍යභාවය රැකෙන අයුරින් කටයුතු කිරීමටත්, ඊට අදාළ වැඩිදුර උපදෙස් ලබා ගැනීමට නීතිපතිතුමා, විගණකාධිපතිතුමා සහ අභිනවයෙන් පත්වූ ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිතුමා සමග සාකච්ඡා කිරීමටද මම අපේක්ෂා කරමි.
දැනටමත් ඒ සම්බන්ධයෙන් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සභාපතිතුමාද කැඳවා සාකච්ඡා කළ අතර, ඒ පිළිබඳව එකී කාරක සභාවේ දැනට සිදුකරමින් පවතින විමර්ශන කටයුතුවලට බාධාවක් නොවන ආකාරයට කටයුතු කිරීමටත් අවශ්‍ය පියවර ගන්නනවා"