බෞද්ධ කොඩි සඳහා වර්ණ තිබිය යුතු අනුපිළිවෙළ වෙනස් කරමින් මුද්‍රණය කළ බෞද්ධ කොඩි 60,000 ක් සොයාගැනීමට පාරිභෝගික සේවා අධිකාරියේ වැටලීම් ඒකකය සමත් වී තිබේ.
කොළඹ කොටුව පීපල්ස් පාක් වීදියෙන් මෙම බෞද්ධ කොඩි සොයාගෙන තිබෙන අතර, ඒ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු පාරිභෝගික සේවා අධිකාරිය විසින් සිදුකරනු ලබයි.