පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයකු ලෙස කටයුතු කළ ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මහතාට විශ්‍රාම ප්රතිලාභ ගෙවීමට රජය තීරණය කර තිබේ. ඔහුගේ සේවය අවසන් කළ 1982.11.01 දින සිට වයස අවුරුදු 65ට එළැඹුන දිනය දක්වා අදාළ තනතුරේ සේවය කළ ලෙස සලකා විශ්‍රාම ප්රතිලාභ ගෙවනු ඇත. මේසම්බන්ධයෙන් වු යෝජනාව අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කැබිනට් මණ්ඩලයට යොමුකර ඇති අතර ඒසඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ.