යාපනය සිට කොළඹ දක්වා ධාවනය වූ නගරාන්තර සීඝ්රගාමී දුම්රියේ කිලිනොච්චිය අරුවියල් නගර් ප්රදේශයේදී අද (27දා) සවස 3.30ට පමණ වෑන් රථයක් දුම්රිය හරස් මාර්ගය හරහා යාමට උත්සාහ දැරීමේදී සිදුවූ අනතුරක් හේතුවෙන් සිව් දෙනෙකු මිය ගොස් තවත් දෙදෙනෙකු බරපතල තුවාල ලැබූ බව කිලිනොච්චිය පොලීසිය කියයි.
සෙරීනා වර්ගයේ වෑන් රථ දෙකක් දුම්රිය හරස් මාර්ගය හරහා ගමන් කිරීමට උත්සාහ දැරීමේදී දුම්රියේ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති අතර එහිදී එම ස්ථානයේදීම තිදෙනෙකු මිය ගොස් තවත් තිදෙනෙකු බරපතල තුවාල ලබා කිලිනොච්චිය මහ රෝහලට ඇතුලත් කිරීමෙන් පසු තවත් අයෙකු මිය ගොස් ඇති බවට කිලිනොච්චිය පොලීසිය ප්රකාශ කළේය.