කොළඹ නගරයේ මළාපවහන හා අපජලය පවාහන පද්ධතිය අලුත්වැඩියා කිරීමට ආසියානු සංවර්ධන බැංකුවෙන් ලබාගන්නා ණය මුදල් පියවීමට කොළඹ නගරයේ නිවැසියන්ගෙන් හා ව්‍යාපාරිකයන්ගෙන් මළාපවහනයට බදු අයකිරීමට රජයේ අවධානය යොමු වී තිබේ.
කෙළඹ මහ නගර සභාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, මන්ත්‍රීවරුන් මෙන්ම ආසියානු සංවර්ධන බැංකුවේ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් මේ පිළිබඳව වන සාකච්ඡාවක් දඹුල්ලේ පිහිටි හෝටලයකදී පවත්වා ඇත.
යෝජිත ව්‍යාපෘතියේ පිරිවැය රුපියල් බිලියන 31ක් වන අතර ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ආසියානු සංවර්ධන බැංකුව මගින් ලබාදෙයි. මෙම ණය මුදලින් 80%ක් රජය විසින් ගෙවන අතර ඉතිරි රුපියල් බිලියන 6.5 කොළඹ මහනගර සභාව මගින් වසර 25කදී 2% පොලීඅනුපාතයක් යටතේ ගෙවීමට නියමිතය.
ජල බිලට එකතු කිරීමට නියමිත මෙම බද්ද ගණනය සඳහා ජලබිල යොදා ගැනීමට අපේක්ෂිතය. එහිදී ඒ ඒ ජල පාරිභෝගිකයනගේ ජල පාරිභෝජනයෙන් 80% ක වටිනාකමකට මෙම බද්ද අයකිරීමට නියමිතය.
'දසන්ඩේ ටයිම්ස්’ ඇසුරෙනි.