දිවයින පුරා ප්‍රධාන වශයෙන් වැසි රහිත වියළි කාලගුණ තත්ත්වයක් අද (08දා) දිනයේ පැවතියත්, දිවයින හරහා විටින් විට හමන (පැ.කි.මී. 50 පමණ) තරමක් තද සුළං බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එමෙන්ම, ඉදිරි පැය 24 සඳහා දිවයින වටා ඇති මුහුදේ කාලගුණ තත්ත්වය සලකා බැලීමේදී, දිවයින වටා වන මුහුදු ප්රදේශවලද ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බවත්, සුළං බස්නාහිර සිට නිරිත දක්වා වන දිශාවලින් හමන අතර සුළගේ වේගය පැ.කි.මී. 30-40 ක් පමණ වන බවත් නිවේදනය කරයි.
මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා සහ පුත්තලම සිට මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටක පැ.කි.මී. 60 දක්වා වැඩි වීමට ඉඩ පවතින බැවින් එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකි බවද පෙන්වා දෙයි.
සෙසු මුහුදු ප්රදේශවලද සුළගේ වේගය විටක පැ.කි.මී. 50 දක්වා වැඩි වීමට ඉඩ පවතින බැවින් එම මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු විය හැකි බවද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.