දිවයින ආසන්නයේ පවතින තරංගාකාර කැළඹිලි ස්වාභාවය හේතුවෙන් දිවයිනේ වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ඒ අනුව නැගෙනහිර, ඌව, මධ්‍යම හා උතුරු මැද පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයෙත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව අද (26දා) අලුයම නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
සෙසු ප්‍ර දේශවල තැනින් තැන විශේෂයෙන්ම සවස 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත් නැගෙනහිර, ඌව, මධ්‍යම හා සබරගමුව පළාත්වලත් ගාල්ල හා මාතර කලුතර හා පොලොන්නරුව දිස්ත්‍රික්කවලත් සමහර ස්ථානවල මිලි මීටර් 100 ඉක්මවූ තද වැසි අපෙක්ෂා කරන බවත් එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.