දිස්ත්‍රික්ක 05කට ඇඳහැළෙන අධික වර්ෂා තත්ත්වය නිසා පවුල 1,300කට අයත් පුද්ගලයන් 5,000කට අධික ප්‍රමාණයක් පීඩාවට පත්ව සිටින බව ආපදා කළමණකාරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.
මෙම පිරිසෙන් පවුල් 26කට අයත් පුද්ගලයන් 107 දෙනෙකු ආරක්ෂිත කඳවුරු දෙකක රඳවා සිටින අතර, එක් පුද්ගලයෙකු මියගොස් පුද්ගලයන් තිදෙනෙකු තුවාල ලබා තිබේ.
නිවාස 61කට හානි සිදුවී ඇති අතර, වැඩිම පිරිසක් පීඩාවට පත්ව ඇත්තේ ගාල්ල දිස්ත්‍රික්කයෙනි.එම දිස්ත්‍රික්කයේ පවුල් 991කට අයත් පුද්ගලයෝ 4,178ක් පීඩාවට පත්ව සිටිති.
මීට අමතරව නුවරඑළිය, මාතර, මහනුවර, කෑගල්ල, යාපනය යන දිස්ත්‍රික්කවල ජනතාව පීඩාවට පත්ව තිබේ.