දිවයිනේ ප්‍රදේශ රාශියකට වර්ශාව පැවැතියත් වියළි කාලගුණය හේතුවෙන් තව දුරටත් ජනතාව පීඩාවට පත්ව ඇති බව ආපදා කළමණාකරණය මධ්‍යස්ථානය අද (23දා) පෙ.ව. 9.00ට නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.
ඒ අනුව දිස්ත්‍රික්ක 23ක පවුල් 244419ට අයත් පුද්ගලයින් 906535ක් තවදුරටත් වියළි කාලගුණයෙන් පීඩාවට පත්ව ඇතැයි එම නිවේදනයේ සඳහන් වෙයි.