දැනට පවතින වැසි තත්ත්වය සහ ඇතැම් ප්‍ර‘දේශවලදී ශරීරයට දැනෙන අධික රස්නය මේ මස 25 වන දින දක්වා පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. අන්තර් අභිසාරී කලාපය නිසා බොහෝ පළාත්වලට උදේ කාලයේදී වර්ෂාව ඇතිවන බවත්, උතුරු නැගෙනහිර ප්‍ර‘දේශවලදී ශරීරයට අධික උණුසුමක් දැනෙන බවද කාර්ය නියුක්ත කාලගුණ විද්‍යාඥ ජනක කුමාර මහතා සඳහන් කළේය.
උතුරු නැගෙනහිර ප්‍ර‘දේශවලදී ශරීරයට අධික උණුසුමක් දැනෙන්නේ එම ප්‍ර‘දේශවල පවතින වියළි සුළං නිසා බවත්, අනෙකුත් ප්‍ර‘දේශවලදී උණුසුමක් දැනෙන්නේ වායුගෝලයේ පවතින ජලවාෂ්ප නිසා බවද ඒ මහතා පවසා සිටියේය.
වායුගෝලයේ ජල වාෂ්ප රැඳී තිබුණත් සුළං ප්රවාහයේ අඩුවීමක් තිබෙන බැවින් ශරීරයට උණුසුම් තත්ත්වයක් දැනෙන බවද සඳහන් කළේය. මේ මස 25 වන දින වන විට නිරිත දිග මෝසම් තත්ත්වය ඇතිවේ යැයි බලාපොරොත්තු වන බවත්, ඉන්පසු පවතින වැසි තත්ත්වය වෙනස් වී මෙම උණුසුම පහව යනු ඇති බවත් ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියේය.