අම්පාර, ත්‍රිකුණාමලය, හම්බන්තොට, මොණරාගල, පොළොන්නරුව දිස්ත්‍රික්කවලට බලපාඇති වියළි කාලගුණ තත්ත්වය නිසා පානීය ජල පහසුකම් අවශ්‍ය සියලුම දෙනාට ජලය ලබාදීමේ වැඩපිළිවෙළක් දියත් කළ බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.
ජල සම්පාදන මණ්ඩලයට මුදල් ගෙවා ජලය ලබාගෙන බවුසර මගින් පානීය ජල අවශ්‍යතා ඇති ජනතාවට ජලය බෙදාහැරීම සිදුකරන බවත්, මෙහිදී පොළොන්නරු දිස්ත්‍රික්කයේ පවුල් 9982කට අයත් පුද්ගලයන් 34,771 දෙනෙකු පීඩාවටපත්ව තිබෙන බවත් එම මධ්‍යස්ථානයේ මාධ්‍ය ප්‍රකාශක ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේය.
මීට අමතරව ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ පවුල් 15කට අයත් පුද්ගලයන් 38 දෙනෙකු පීඩාවට පත්ව සිටින බවට තොරතුරු වාර්තාවන බවත්, අනෙකුත් දිස්ත්‍රික්ක තුන තුළ කොතරම් පිරිසක් පීඩාවට පත්ව තිබේදැයි යන්න තොරතුරු වාර්තා නොවන බවත් ඔහු පවසා සිටියේය.
මෙම දිස්ත්‍රික්ක 05 ජනතාවට අමතරව කළුගඟට මුහුදු ජලය මිශ්රවීම නිසා කළුතර දිස්ත්‍රික්කයේ පවුල් 50,000කට අධික පිරිසක් පානීය ජලය සොයාගැනීමේ ගැටලුවකට පත්ව සිටින බවත්ඒ මහතා පවසා සිටියේය.