දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වය තව දුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (03දා) වෙනුවෙන් අද පෙ.ව. 5.30ට නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.
කෙසේ වෙතත් බස්නාහිර, මධ්‍යම සහ දකුණු පළාත්වල ස්ථාන ස්වල්පයක සිහින් වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළ අතර ඒ අනුව කොළඹ නගරයේ ස්ථාක කිහිපයකට පෙ.ව. 11.15ට පමණ සිහින් වැසි ඇතිවිය.
කෙසේ වෙතත් ඌව සහ සබරගමුව පළාත්වලත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස 2.00 න් පමණ පසු ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.