වියළි කාලගුණත් සමග බොහෝ වැව් සිඳී යෑමෙන් පසු එම වැව් හෑරීම සහා ගෙන යන වැඩපිළිවෙළට මුවා වී මහා පරිමාන පස් විකිණීමේ ජාවාරමක් ක්‍රියාත්මක වන බව වාර්තාවෙයි.
වැව් සිඳී ඇති කාලසීමාවේදී රොන් මඩ ඉවත් කිරීමට අවධානය යොමුව තිබුණත එම කොන්ත්‍රාත් භාර ගත් පිරිස් වැව් විනාශ කරමින් එහි ඇති පස්තට්ටු ඉවත් කිරීමට කටයුතු කරන බව සඳහන් වෙයි.
මෙම කොන්ත්‍රාත් ලබාගෙන ඇති බොහෝ දෙනා දේශපාලඥයින්ගේ සමීපතමයන් හා හිතවතුන් බවද පැවැසේ.
විශේෂයෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයේ වැව් ආශ්‍රිතව දැඩි ලෙස මෙම පස් කැපීමේ ජාවාරම සිදුවන බවට වාර්තා වන අතර එම පස් වැඩි වශයෙන් හම්බන්තොට දක්වා ඉදිවෙන අධිවේගී මාර්ගයේ පිරීවීම් සඳහා යොදා ගන්නා බවද හෙළිවී තිබේ.
මේ පිළිබඳව පැමිණිල කිහිපයක්ද පරිසර අමාත්‍යාංශය වෙත ලැබී ඇතැයි වාර්තා වෙයි.
මෙසේ ප්‍රමිතියෙන් තෙරව වැව් හෑරීමේදී වැවේ පතුල සම්බන්ධයෙන් දැඩි අවදානමක් මතුව තිබෙන අතර ඇතැම් විට අනාගතයේදී වැව් සිඳී යෑමටද මෙය හේතුවක් විය හැකි බව පිරිසරය පිළිබඳව උනන්දු වන්නො සඳහන් කරති.
එසේම වැව් වලින් පස් ගන්නා පිරිස් වැව් රක්ෂිතයටද දැඩි ලෙස හානි පමුණුවන බවද වාර්තා වීතිබේ.
පසුගිය දිනවල පැවැති වියළි කාලගුණයත් සමග අනුරාධපුර, පොළොන්නරුව, පුත්තරම හා හම්බන්තෙට ආදි දිස්ත්‍රික්වල බොහෝ කුඩා වැව් සිඳී ගිය අතර මහා පරිමාණ වැව්වලද සැළකිය යුතු මට්ටමකින් ජලය අවසන් විය.
එමෙන්ම තවත් පිරිසක් පස් ඉවත් කරන මුවාවෙන් පස්වලින් වැලි ඉවත් කිරීමෙ ජාවාරමකද නිරත් වෙමින් සිටියි. ඔහුවුහ පස් සෝදා වැලි ඉවත් කරන අතර එහිදී වැලි පමණක් ඉවතට ගෙන යෑමට කටයුත කළද පස් නැවතත් ජල ධාරාවලට මුදා හැරීමට කටයුතු කරන බවද වාර්තා වෙයි.