අපේ ගම, අපේ පන්සල, ජන සභාව නමින් ග්‍රාමීය ප්‍ර‘දේශ සංවර්ධනය කිරීම සඳහා අතීතයේ පැවැති ගමයි, පන්සලයි, වැවයි, දාගැබයි සංකල්පය යළිත් සමාජගත කරන
බව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය නීතිඥ ෆයිසර් මුස්තාපා මහතා සඳහන් කළේය.
පසුගිය කාලයේ රට තුළ සංවර්ධනය සිදු වූයේ මහාපරිමාණ ව්‍යාපෘති හරහා බවත්, එහෙත් ග්‍රාමීය සංවර්ධනයක් සිදුනොවූ බවත් ඔහු පවසා සිටියේය.
රටේ සංවර්ධනය මහා පරිමාණ ව්‍යාපෘති හරහා සිදු වූ පමණින් ග්‍රාමීය ජනතාවගේ සංවර්ධනය අතපසු කළ නොහැකි බවද අමාත්‍යවරයා කියා සිටියේය.
මේ නිසා අධිරාජ්‍යවාදීන්ගේ බලපෑම් මත ඔවුන්ගේ අභිමතය මත ක්‍රියාත්මක වූ සංවර්ධන ක්‍රියාවලිය හරහා නැති වී ගිය ගමයි, පන්සලයි, වැවයි, දාගැබයි සංකල්පය නැවත හඳුන්වාදී ග්‍රාමීය සංවර්ධනය සිදුකිරීමට අවශ්‍ය කටයුතු කරන බවද ඒ මහතා සඳහන් කළේය.
මැද කොළඹ නවගම්පුර ප්‍රදේශයේ ආරම්භ කළ අපේගම, අපේ පන්සල ජනසභාවට සහභාගි වෙමින් අමාත්‍යවරයා ඊයේ (09දා) මේ බව සඳහන් කළේය.