ජනපතිවරණ ඡන්ද ප්රකාශ කිරීමේ දිනයේදී එක්සත් ජාතික පක්ෂ සන්නිවේදන බළකායේ මාතර දිස්ත්රික් ලේකම්වරයාට පහරදී තුවාල සිදුකිරීමේ චෝදනා යටතේ රක්ෂිත බන්ධනාගාර ගතව සිටි වැලිගම ප්රාදේශීය සභාවේ සභාපති පුෂ්පකුමාර බැට්ටගේ මහතා ඇපමත නිදහස් වී තිබේ.
මාතර ප්රධාන මහේස්ත්රාත් යුරේකාද සිල්වා මෙනෙවිය රුපියල් 5000ක මුදල් ඇප හා රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත සභාපතිවරයාව මුදාහැරියේය.