වැලිකඩ ගුවන් පාලන ආශ්රිතාව සිදු කෙරෙන මාර්ග සංවර්ධන කටයුතු හේතුුවෙන් බොරැල්ල සිට බත්තරමුල්ල දෙසට දිවෙන මාර්ගයේ වාහන ගමනාගමය සීමා කිරීමට සිදුවෙන බව පොලසිය කියයි. ඒ අනුව අද (21දා) සිට 23 දා දක්වා වැලිකඩ හංදිය එනම් පාලම ආරම්භ කරන ස්ථානයේ සිටි බත්තරමුල්ල දෙසට දිවෙන පාර්ලිමේන්තු මාර්යේ වාහන ගමනා ගමනය සීමා වෙනු ඇත.
එසේම ගුවන් පාලම මැදින් ගමන් කරන අමතර මංතිරුවේද වාහන ගමනාගමනය පාලමේ වැඩ අවසන් වන තෙක් 23 දා දක්වා වසා තැබෙන බවද පොලීසිය කියයි. ඒ අනුව වැලිකඩ හංදියෙන් කොළඹට ඇතුළු වීම හා පිටවීම මංතීරු දෙකකට සීමා වන බැවින් දැඩි වාහන තදබදයක් ඇතිවිය හැකි බව පොලීසිය කියයි.
මේ නිසා හැකිතාක් විකල්ප මාර්ග භාවිත කරන්නැයි පොලීසිය ජනතාවගෙන් ඉල්ලා සිටියි.