වැලිකඩ බන්ධනාගාරයේ සිදුවූ වෙඩි තැබීම නිසා මියගිය හා තුවාල ලැබූ 15 දෙනෙකු සඳහා මේවනවිට රුපියල් ලක්ෂ 225ක වන්දි මුදල් ලබාදී ඇතැයි අමාත්‍ය ඩී.එම්. ස්වාමිනාදන් මහතා සඳහන් කළේය.
මේ යටතේ අද (25දා) දිනයේදී මියගිය 04 දෙනෙකු වෙනුවෙන් හා තුවාල ලැබූ දෙදෙනෙකු වෙනුවෙන් රුපියල් ලක් 90ක වන්දි මුදල් ප්රදානය කෙරිණි.
මීට පෙර අවස්ථාවේදී මියගිය 06 දෙනෙකු හා තුවාල ලැබූ 03 දෙනෙකු වෙනුවෙන් රුපියල් ලක්ෂ 135ක මුදලක් ප්රදානය කර තිබේ.
අනෙකුත් පිරිස් වෙනුවෙන් තුන්වැනි අදියර යටතේ සහන සැලසීමට නියමිතය.2012 නොවැම්බර් 10වැනිදාමෙම සිදුවීම සිදුවිය.