වැලිකඩ බන්ධනාගාරයේ රැදවියන් 27 දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියේ ප්රධානම සාක්ෂිකරු වන නන්දිමාල් මහතා ගේ මොරටුව පුරන්අප්පු රජ මාවතේ පිහිටි නිවසට ඊයේ රාත්රී 11 ට පමණ වෙඩි ප්රහාරයක් එල්ල වී ඇත. ගේට්ටුවේ වෙඩි පහර සලකුණු දැකිය හැකි අතර, සිද්ධිය වන විට නන්දිමාල් මහතා නිවසේ නිදා සිට ඇත.
මේ අතර නිවේදනක් නිකුත්කරන කැෆේ සංවිධානයේ විධායක අධ්යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා පවසන්නේ වැලිකඩ අපරාධය වසන් කිරීම සඳහා පසුගිය රජය මෙන්ම වත්මන් රජය ද සියලු උත්සහ දරන බවයි.
ඊයේ දිනයේ පොලිස් ‘වින්දිතයින් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ ඒකකය‘ නන්දිමාල් මහතාගෙන් සාක්ෂි සටහන් කරගෙන ඇත. නන්දිමාල් මහතා විසින් අභියාචනාධිකරණයට වැලිකඩ ඝාතනය සම්බන්ධයෙන් ඉදිරිපත් කළ ‘රිට් පෙත්සම‘ සැප්. 12 දින විභාගය ගැනීමට නියමිතය.