වැලිකඩ බන්ධනාගාරයේ වැඩ බලන ප්‍රධාන වෛද්‍ය නිලධාරිනී නිර්මලී තේනුවර මහත්මියගේ 2017 ස්ථාන මාරුවීම වහා ක්‍රියාත්මක කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා සහ සිවිල් ක්රියාකාරිකයන් පිරිසක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත ලිපියක් යොමු කරමින් ඉල්ලා සිටියි.
ලලිත් වීරතුංග සහ අනුෂ පැල්පිට යන සිරකරුවන් දෙදෙනා සම්බන්ධයෙන් ඇය ගනු ලැබූ ක්‍රියාමාර්ග ක්‍රම විරෝධී හා ප්රශ්නකාරී බවද ඔවුන් යොමු කළ ලිපියේ වැඩිදුරටත් දැකවෙයි.
එම ලිපියේ පහත කරුණුද ඇතුළත්ය,
1.බරපතළ වැඩ සහිතව සිර දඬුවම් ලබන සිරකරුවෙකු බන්ධනාගාරයට රැගෙන ආ පසුව ඔහුට/ඇයට සිරකරු අංකයක් නිකුත් කරනු ලබන අතර ඔහුගේ ඡායාරූපයක් ලබා ගනු ලබයි. ඉන් පසුව වෛද්‍ය මධ්‍යස්ථානයේ කාර්ය භාර වෛද්‍යවරයා වෙත යොමු කළ යුතුය.
2. නමුත් වෛද්‍ය නිර්මලී තේනුවර, සිරකරු අංකය නිකුත් කිරීමට පෙර හා නිල ඡායාරූපය ලබා ගැනීමට පෙර ඉහත කාර්ය පටිපාටියෙන් පරිබාහිරව අනුෂ පැල්පිට හා ලලිත් වීරතුංග හමුවී ඇත. එමෙන්ම ‘කාර්ය භාර වෛද්‍යවරයා‘ඔවුන් යොමු කිරීමට ද පෙර, බන්ධනාගාර රෝහල වෙත ‘ඇතුළත් කිරීමේ ටිකට්පත් දෙක‘ ලියා ඇත.
3. මෙවැනි තත්ත්වයක් ඇති විය හැක්කේ මරණාසන්න තත්ත්වයකට පත් වූ පුද්ගයෙකු සම්බන්ධයෙන් පමණක් වේ යැයි සිතමු. ඊට හේතුව බන්ධනාගාර ඉතිහාසයේ කිසිදු දිනක මෙවැනි සිදුවීමක් වාර්තා වී නොමැති බැවිනි.
4.මෙම ක්‍රියාවලිය බාහිර පුද්ගලයන්ට අනාවරණයවීමෙන් පසුව එල්ල වූ විරෝධය හේතුවෙන්, සැප්. 7 දින රාත්‍රියේ ලලිත් වීරතුංග හා අනුෂ පැල්පිට දෙදෙනො බන්ධනාගාර රෝහලට ඇතුළත් කිරීම සිදු නොවීය. නිර්මලී තේනුවර මහත්මිය රාත්‍රී 9 වන තෙක් ඔවුන් දෙදෙනා පැමිණෙන තුරු බන්ධනාගාර රෝහලේ ගත කළේය.
5. සැප්. 8 දින උදයේ නියමිත වේලාවට පෙර සේවයට වාර්තා කළ වෛද්‍ය තේනුවර මහත්මිය හැකි ඉක්මනින් අංක V 18069 සහ V18068 දරන සිරකරුවන් දෙදෙනා බන්ධනාගාර රෝහලටඅංක 7401 හා 7402 යටතේ ඇතුළත් කිරීමට කටයුතු කළාය. මෙම ක්‍රියාවලිය දූෂිතය. ඊට අමතරව පිළිගත් කාර්ය පටිපාටිය උල්ලංඝනය කිරීමකි.
6. මේ සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුවට පැමිණිලි කිරීමෙන් පසුව, අමාත්‍යවරයා විසින් සිරකරුවෙකු බන්ධනාගාර රෝහලට ඇතුළත් කිරීමට අවම වශයෙන් වෛද්‍යවරුන් තිදෙනෙකු නිර්දේශ කළ යුතු යැයි නියෝගයක් නිකුත් කරනු ලැබීය. වෛද්‍ය තේනුවර මහත්මිය වෛද්‍ය ටිරානි හා වෛද්‍ය සුජීවා සමග එක්වී දැන් මෙම නියෝගය ක්‍රියාවෙහි යොදවයි. ඒ සදහා අවශ්‍ය නිර්දේශ ලබාදීම සිදුවන්නේ වෛද්‍ය වරුණ ජයතිලක අතිනි. දැන් මේ සිව් දෙනාගේ කණ්ඩායම තමන් මෙයට පෙර සිදු කළ සියලු ක්‍රියාකාරකම් එලෙසම බන්ධනාගාර රෝහල තුළ ක්‍රියාත්මක කරති.
7. ඔබ හොඳින් දන්නා පරිදි වෛද්‍ය නිර්මලී තේනුවර මහත්මිය 2017 වසරේ සිට කොළඹ මහ රෝහලට ස්ථාන මාරුවීම් ලබා ඇත. නමුත් ඇයගේ ස්ථාන මාරුවීම ක්‍රියාත්මක නොවන්නේ වෘත්තීය සමිතියක බලපෑම නිසාය. සයිටම් ආයතනයට ද සම්බන්ධයක් ඇති නිලධාරියෙකු නිසාය.
8. බන්ධනාගාර රෝහල සම්බන්ධයෙන් ඔබ අමාත්‍යාංශය විසින් පසුගිය මාස 3 ක කාලය තුළ පරීක්ෂණයක් පවත්වනු ලැබූ බවත්, එහි දී හෙළි වී ඇති කරුණු ඔබ දනී.
9. මේ සියලු කරුණු සලකා බලා, 2017 වසරේ දී වෛද්‍ය නිර්මලී තේනුවර මහත්මියට කොළඹ මහ රෝහල වෙත ලබා දී ඇති ස්ථාන මාරුවීම වහාම ක්‍රියාත්මක කිරීමට ඔබගේ කාරුණික අවධානය යොමු කරන ලෙස කාරුණිකව ඉල්ලමි.
10.දිස්ත්‍රික් රෝහලක කාර්ය භාර වෛද්‍ය නිලධාරි තනතුර දැරීමට සුදුසුකම් ඇති අයෙකු පමණක් බන්ධනාගාර රෝහලේ ප්‍රධානියා ලෙස පත් කිරීමට කටයුතු කරන ලෙස ද කාරුණිකව ඉල්ලමු.