වැලිකඩ බන්ධනාගාරයේදී ඇති වු ගැටුම සම්බන්ධයෙන් විමර්ශනයක් පැවැත්වීම සඳහා පත්කළ ත්‍රිපුද්ගල කමිටුවේ වාර්තාව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත අද පාර්ලිමේන්තු සංකීර්ණයේ දී බාරදී තිබේ. අදාළ සාක්ෂි මත පදනම්ව කමිටු වාර්තාව සකස් කර ඇති අතර 2012 නොවැම්බර් 09 වැනිදා පස්වරුවේ වැලිකඩ බන්ධනාගාරයේ ගැටුම ඇතිවිය. ගැටුමින් රැඳවියන් 10ට වැඩි පිරිසක් මියගොස් තවත් 30ක් පමණ තුවාල ලැබූහ. අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා විසින් විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරු විමල් නම්බුවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් ත්‍රිපුද්ගල කමිටුවක් මේසදහා පත් කරන ලදී. විශ්‍රාමලත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අශෝක විජේතිලක සහ විශ්‍රාමලත් පරිපාලන නිලධාරී නීතීඥ එස්.කේ.ලියනගේ යන මහත්වරුන් මෙම කමිටුවේ සෙසු සාමාජිකයින් වේ.